යට ඇදුම් තුළින් මතුවුණු රත්තරන්

කැරට් 24 රත්තරන් 22kgක් සමඟ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු, ඉන්දීය බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරු මත අත් අඩංගුවට ගැනීමට සමත් වීමත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රන් වැටලීම අද දින සිදු කිරීමට සමත් විය.
මේවා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන විත් ඇති බව පැවසෙන අතර රත්තරන් තොගය අතර මාළ, වළලු, මුදු, පිරිමි යට ඇදුම් 30 ක් තුළ මෙන්ම ආහාර පිළියෙල කරන යන්ත්‍රයක් තුළ ද සඟවා ගෙන තිබියදී අත් අඩංගුවට ගැනීමට සමත්ව තිබිණි .
මෙහිදී ගැනුණු රත්තරන්ව ල වටිනාකම රුපියල් කෝටි 40 කට අධිකය.