යක්කලමුල්ල ඝාතකයෝ යැයි සැක කරන අය STF වෙඩි පහරින් මරනයට

යක්කලමුල්ල ඝාතකයෝ යැයි සැක කරන අය STF වෙඩි පහරින් මරනයට

මිනුවන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් සමග වූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදේශගතව සිටින ඌරගහ ඉන්දිකගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පෝද්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් යක්කලමුල්ල ප්‍රදේශයේදී වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු සහ යතුරු පැදිකරු බවට හඳුනාගෙන ඇත.

එහිදී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි…