
අද (20) උදෑසන 7.30ට පමණ පස්සර – ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ. එම රිය අනතුරින් ගුරුවරයකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ මඩොල්සිම විද්‍යාලයක සේවය කරන 34 හැවිරිදි ගුරුවරයෙකි.
විදුහලට යෑම සඳහා නිවෙසට යන මාර්ගයේ සිට මෝටර් රථය මහා මාර්ගයට ගැනීමට යාමේදී අඩි 60ක් පමණ පහළින් පිහිටි මහා ප්‍රපාතයට මෝටර් රථය පෙරළී ඇත.
මෙම ස්ථානයේදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළී මගීන් 14 දෙනකුගේ ජීවිත අහිමි වූයේ මීට වසර දෙකකට පෙරය.