මොරටුවේ කුඩු රැජනට මාංචු

රත්මලානේ දේවින්ද නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන හවුල්කාරියක් ලෙස සැලකෙන කාන්තාවක් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව “මොරටුවේ කුඩු රැජින” ලෙස හැඳින්වෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

විශේෂ කාර්ය බළකාය විසින් මොරටුවැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී 49 හැවිරිදි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05.250ක්ද හමු වී තිබේ.

රත්මලානේ දේවින්ද නමැති පුද්ගලයා විදේශගතව සිට රත්මලාන, ගල්කිස්ස, මොරටුව යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන අයෙකි.