මෛත්‍රිපාලගේ පෙත්සම කල්යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතපාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පුද්ගලික පැමිණිල්ලකට අදාළව, සැකකරුවකු ලෙස නම් කර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ගොනුකර ඇති රිට් පෙත්සම විභාගය ලබන වසරේ ජනවාරි මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.
එම පෙත්සම විභාග කිරීම අද දින (06) සිදු කරන ලදි