
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේදී පෙර සැලසුම් කළ ආකාරයටම පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙවර ආසියානු කුසලානය පන්දු වාර 50 තරගාවලියක් ලෙස සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.
එහෙත් ඉන්දියා කණ්ඩායම සහභාගි වන තරග පමණක් පාකිස්තානයේදී නොපැවැත්වීමට සිදු වනු ඇතැයි වාර්තා වේ. ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලනික විරසකභාවය නිසා ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකිරීම, ඉන්දියා කණ්ඩායම සහභාගි වන තරග පාකිස්තානයෙන් පිටතදී පැවැත්වීමට හේතු සාධක වේ.
ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, ශ්‍රී ලංකාව හෝ එංගලන්තය යන රටවල් අතරින් එක් රටකදී පැවැත්වෙනු ඇත.