මුහුදු කොල්ලකරුවෝ මාළු කිලෝ 1000 ක් කොල්ලකති

මිරිස්ස මුහුදේදී 20 දෙනකුගෙන් සමන්විත මුහුදු කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් ධීවරයන්ට පහර දී කිලෝ 1000ක් පමණ මාළු තොගයක් පැහැරගෙන ගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

මෙම මාළු තොගය පැහැරගෙන ගොස් ඇත්තේ වැලිගම, පැලෑන, බද්දේවත්ත ධීවර තොටුපොළෙන් මුහුදු ගිය ‘ලකීෂාෆ්‘ නමැති ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන්ගෙන් බව පොලිසිය පැවැසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.