පවතින තත්ත්වය හමුවේ ගෑස් මිල ඉහළ නංවනු හැර වෙනත් විකල්පයක් නැති බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඊයේ (25) ප්‍රකාශ කළේය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කීවේ මිල වැඩි නොකළහොත් සමාගම පවත්වාගෙන යා නොහැකි බවය.
ගෑස් මිල ඉහළ නැවීමට ලිට්‍රෝ සමාගම පසුගිය සතියේ තීන්දු කර තිබූ නමුත් ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළේය.
ඊයේ දිනයේ ප්‍රකාශ කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී කිලෝග්‍රෑම් 12.5 බරින් යුත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රු.2185කින් මිල
ඉහල දැමීමට ලිට්‍රෝ සමාගම තීරණයකොට තිබේ.
ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රු. 4860ක් බව ලිට්‍රෝ සභාපතිවරයා පවසයි.
ඒ අනුව ලීට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිල පහත පරිදි මිල සංශෝධනය වේ
12.5kg සිට රු. 4,860 (රු. 2,185 කින් වැඩි),
5kg සිලින්ඩරය රු.1,945 (රු. 874 කින් වැඩි)
2.3kg සිලින්ඩරය රු. 910 (රු. 404 කින් වැඩි)