මැදවච්චියෙත් රතු මැණික්

විශේෂ කාර්ය බළකායේ කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන් ඔවුනට ලැබුණු ඔත්තුවක් මත රතු පැහැති මැණිකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

මැදවච්චිය පොලිස් වසමේ ගුරුකන්දේගම ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී බිංගිරිය සහ මණ්ඩාපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් සහ 53ක් වයසැති සැකකරුවන් දෙදෙනකු මේ ආකාරයට ඇත අඩංගුවට පත්ව තිබේ.
මෙම රතු මැණික පෞරාණික වටිනාකමකින් යුක්ත බවට තොරතුරු සඳහන් වේ.