මැතිවරණයට දිනයක්

පළාත් පාලන මැතිවරණය 2023.04.25 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර ඇත.

මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අංක 2322/28 සිට 2322/52 දක්වා වූ අති විශේෂ ගැසට් පත්‍ර මඟින් එකී මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති බවයි.