මාස තිහෙන් රට බංකොලොත් කළේ කවුද? විපක්ෂ නායක සජිත් ගලිගමුවේ දී හෙළි කරයි

.

මාස තිහක් ඇතුළත රාජපක්ෂ පවුල විසින් අපේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ ජාතික ජාතික සම්පත්, ජාතික දේපල, ජාතික ධනය හොරා කෑ නිසා එවන් බංකොලොත් තැනකට රට තල්ලු වූ බවද ඒ මහතා පැවසීය.

ජනතාවගේ මුදල් සොරා කෑ චූදිතයින් අධිකරණය අභියසට රැගෙන ගොස් දඬුවම් පැමිණවීමේ  වගකීම්සහගත බලය, තිස් වසරක යුද්ධය නිමා කළ සරත් ෆොන්සේකා මහතාට පවරන බව ඒ මහතා කීය. අන් කිසිවකු සමඟ සමග සමගි ජන බලවේගයට ඩීල් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, තමන්ට ඩීල් ඇත්තේ මේ රටේ ලක්ෂ 220 ක ජනතාව සමඟ පමණක් බවද පැවසීය.

ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිදහස් අරගලයේ “සමගි බල පා ගමන” අද (28) තෙවැනු දිනයට ගලිගමුවෙන් ආරම්භ විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම පා ගමනට එක්ව සිටී.

Scroll to Top