
ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කුඩා පිරිමි දරුවකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ පිහිටි අතුරු මාර්ගයක අධික බෑවුම් සහිත ස්ථානයකදී පාපැදියකින් ගමන් කළ පිරිමි දරුවකු පාපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැනක ගැටී මරණය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස මිය ගොස් ඇත්තේ කොට්ටගොඩ ගොඩඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි කුඩා පිරිමි දරුවෙකි.
හික්කඩුව කුරුඳුවත්ත දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු ද දුම්රියේ ගැටී ඉන් එක් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වූ මෙම දුම්රියේ ගැටී එම අනතුර සිදුව ඇති අතර මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි හික්කඩුව නලාගස්දෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
එමෙන්ම අම්බලන්ගොඩ රිදියගම මාර්ගයේ ධීවර ගම්මානයට හැරෙන හන්දිය ප්‍රදේශයේදී ද යතුරුපැදියක් පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය. අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ තිදෙනෙකු ගමන් කර ඇති අතර අම්බලන්ගොඩ රුහුණු රිදියගම ප්‍රදේශයේ 21 හැවිරිදි සහ 25 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.