මාමාගේ පොලු පහරින් බෑණා කපෝතියි.

කඳාන පොලිස් වසමේ දොළහේන ප්‍රදේශයේ නිවසක ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් බෑණාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම පොලු පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ අවුරුදු විසි අටක් වන දොළහේන කඳාන පදිංචිකරුවෙකි.
මරණයට පත් වූ තරුණයා බිරිඳගෙන් මුදල් ඉල්ලා ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳගේ පියා මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අවුරුදු පනස් හතක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊයේ රාත්‍රියේ මේ ඝාතනය සිදු වී තිබේ.