මහින්ද අමරවීර අධිකරණයට

අමාත්‍ය මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් තමා ඉවත් කිරීමේ තීරණය අත්හිටුවන්නැයි ඉල්ලමින් කොළඹ දිසා අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කළේය. මෙම නඩුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම ඉදිරියේ අද පස්වරුවේ මෙම පැමිණිල්ල විභාගයට ගනු ලබූ අතර . එහිදී එම සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විත්තිකරුවන්ට ජනවාරි 11 වන දින අධිකරණයට කරුණු දක්වන්නැයි දන්වා අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කළාය .
නඩුවේ විත්තිකරුවන් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා, දයාසිරි ජයසේකර, ඇතුළු පිරිසක් නම් කර තිබුණි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විත්තිය වෙනුවෙන් මූලික විරෝධතාවක් මතු කර සිටි අතර ඔවුන් පවසා සිටියේ සන්ධානය තුළ පක්ෂ රැසක් සිටින අතර එම පක්ෂ මෙම නඩුවේ පාර්ශ්වකරුවන් කර නොමැති බැවින් නඩුව පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බවයි.
එම කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරිය විත්තිකරුවන්ට එරෙහිව අතුරු තහනම් දැන්වීම් නොතීසි පමණක් නිකුත් කළ අතර විත්තිකරුවන්ට නියම කරනු ලැබුවේ 2023 වසරේ ජනවාරි 11 වන දින අධිකරණය කරනු දක්වන ලෙසයි.