මහාචාර්ය චන්දිම ජීවන්දරට බ්‍රිතාන්‍යයෙන් සම්මානයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ තරුණ පර්යේෂකයින් සඳහා වූ සම්මානයක් සඳහා නිර්දේශ වී තිබේ.

ප්‍රතිශක්තිකරණවේදය සඳහා වූ බ්‍රිතාන්‍ය සමාජය” විසින් පිරිනමන මෙම සම්මානය “BSI Early Career Research Excellence Award” ලෙසින් හඳුන්වයි. එම ක්ෂේත්‍රයේ දක්ෂතා දක්වන විද්‍යාඥයින් හය දෙනෙකුගේ නම් නිර්දේශ කර ඇති අතර ඉන් 5 දෙනෙක්ම බ්‍රිතාන්‍ය ජාතිකයින්ය.

අප්‍රේල් 20 වන දා මෙහි ජයග්‍රාහකයා නම් කිරීමට නියමිත බව වාර්තා වේ.