
එල්විස් ප්‍රෙස්ලිගේ එකම දියණිය ලීසා මාරී ප්‍රෙස්ලි ඊයේ තම දිවියට සමුදුන්නාය. මිය යන විට 54 හැවිරිදි වියේ පසු වූ ලීසා, එල්විස් ප්‍රෙස්ලිගේ දියනියටත් වඩා වැඩි වශයෙන් ජනප්‍රිය වුයේ මයිකල් ජැක්සන්ගේ හිටපු බිරිය වෙමිනි.
මරණයට හේතුව කුමක්දැයි මෙතෙක් තහවුරු වී නැති අතර ලීසා මාරි හදිසි හෘදයාබාධයකට ලක්ව පෙරේදා උදෑසන රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
පසුගිය අඟහරුවාදා රාත්‍රි බෙවර්ලි හිල්ස් හි පැවැති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ දීය ඇය අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියාය.