
නිල්වලා විශ්වමාලි.ඇය අඩු චරිත ප්‍රමාණයකින් වැඩි ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් ප්‍රතිභාපූර්ණ යොවුන් රංගන ශිල්පිනියක ලෙස අවිවාදයෙන් හඳුන්වාදීමය හැකිය.තමාට ලැබුණු සෑම චරිතයක් සඳහාම උපරිම සාධාරණය ඉටු කළ ඈ සමඟ අනාගත ලෝකයේ කලාව ගැන කළ කතා බහකි මේ
මුලින්ම අපි නිල්වලා ගේ වර්තමානය කලා කටයුතු සම්බන්ධයෙන් ටිකක් කතා කරමු
කලාව මගේ ජීවිතය එක්කම බැඳිල තියෙන දෙයක්. ඒ නිසාම
සාහිත්‍ය, පොත, කවිය, සිනමාව, ටෙලිවිෂනය පමණක් නෙමෙයි නිර්මානාත්මකව සීතීම සහ එකි පරිකල්පනය ඔස්සේ පුහුණුව, නිරන්තරයෙන් ජිවිතයේ කොටසක්වෙලා තියෙනවා. පහුගිය කාලයේ මම කළ නිර්මාණවලින් අමරසිරි පීරිස් මහතා ගායනා කරන
නෙළුම් පෙති මත ගීතයේ රූප රචනයට සම්බන්ධ වෙමින් ප්‍රවීණයන් රැසක් සමඟකටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. එහි අධ්‍යක්ෂණය සිදුවුයේ සමන්
අතාවුදහෙට්ටි මහතගෙන්. එය ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණයය. මෙහිදීක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් සමග වැඩ කරන්නත් මට අවස්ථාව හිමිවුණා. මේ දිනවල සුසුම් රස්තියාදුව සහ ශීතාග්නි යන ටෙලි නාට්‍යවල රූපගත කිරීම් වලට සහභාගි වෙලා ඉන්නවා.
අලුත් නිර්මාණ කිහිපයකටත් පහුගිය දවස් කීපයේ දී ආරාධනා ලැබුණා.
ඔබ කැමතිද අතීතයේ පැවති ශ්‍රී ලංකාවේ සිනමා හා කලා කටයුතු වර්තමානය සමඟ සංසන්දනය කරන්න?
සාමාන්‍යයෙන් මම අතීතකාමයට කැමති කෙනෙක්. බොහෝ දෙනෙක් එහෙම වෙන්නැති කියලා මම හිතනවා. අතීතය වර්ණනා කරමින් වර්තමානය හොඳ නැහැ, සුබ නැහැ ,වැඩක් නැහැ වගේ දේවල් හිතන එකෙන් වෙන්නේ අපිට ශීල්පීන් ලෙස කටයුතු කරන්නට තියෙන
කාලය අහිමි වෙලා යන එක විතරයි . ඒ තුළින් අපි අපටම
සීමාවන් පනවා ගන්නවා. සමහර වෙලාවට නව නිර්මාණ අප තුළින් ජනිතවීමට
ඇති ඉඩකඩ හසුරනවා. ඒ නිසා කලාව තුළ අතීතය සහ වර්තමානය සංසන්දනය කිරීම මම හිතන්නේ එතරම් සුදුසු නැහැ කියලා. අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින්
වර්තමානයට බද්ධ කිරීමට හැකි නම් එය වටිනවා කියලයි මම හිතන්නේ.
සංසන්දනය නොකිරීමටත් මොකක් හරි හේතුවක් තියෙනවාද?
වර්තමානයේ කර්මාන්තය තුළ අර්බුධයක් තියෙනවා නම් ඒක අතීතයේ සිදුවීම්වල ප්‍රතිඵලයක්. ඉතිං අපි කළ යුත්තේ මේ සැසඳීමෙන් මිදිලා අනාගතයේදී
නිර්මාණය කළ යුත්තේ කවරාකාරයෙන් ද යන්න අවබෝධයෙන් වර්තමානයේදී කටයුතු කිරීම.
නිතරම වගේ ඇහෙන කතාවක් තමයි සිනමාවේ හෝ වේවා ටෙලි නාට්‍ය කරණය තුල හෝ වේවා ලංකාවේ නිර්මාණ හරිම බංකොලොත් කියලා. මේකට හේතු විදියට ඔබ මොනවද දකින කරුණු ?
ඒකට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. ලංකාවේ සිනමාව සහ ටෙලි නාට්‍යකර්මාන්තවලට අදළ වෙළෙඳපොළ කුඩා වීම එහි ප්‍රධාන හේතුවක්. නිර්මාණාත්මක කාර්යයට අමතරව ලාභ ඉපයීමද මේ
නිෂ්පාදනයේ එක අරමුණක්. එනිසා ලාබ ඉපයීමේදී අඩු පිරිවැයකින් වැඩිලාභයක් ලබා ගන්න උත්සාහ කරන නිසා ගුණාත්මකභාවය අඩුවෙලා තියෙනවා. මේ නිසා කෙටිකාලීනව වාසියක් ඇතත් දිර්ඝ කාලීනව ක්ෂේක්‍රය කඩා වැටීමට එය හේතුවක් වුණා. මීට අමතරව කර්මාන්තයක් ලෙස පවතින්නට බලපාන විධිමත් අධ්‍යාපනය, රාජ්‍ය අනුග්‍රහය, නියාමනයන් තුළ පවතින ගැටළු බලපාලා තියෙනවා
අපේ කර්මාන්තයත් එක්ක ගත්තම ඉන්දියාව ඉන්නේ ගව් ගානක් දුරින් . ඒකට මූලිකම හේතුව කවරක් කියලද හිතන්නේ?
ලාංකේය ඉතිහාසයේ නිර්මාණ අරම්භ වෙන්නේම ඉන්දීය සම්භවයක් සහිතව. ඉතිං ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ ආරම්භයට ඉන්දියානු සිනමාවේ ඝෘජු
බලපෑමක් තිබුණා. ඒ කාලෙ ගීත සංස්කරණය, ඇඳුම්, පැලදුම්, අධ්‍යක්ෂණය පමණක් නෙවෙයි ශිල්පීන් පවා ලාංකේය නිර්මාණවලට සෘජුව සම්බන්ධ වුණා. අතීත නිර්මාණ දෙස බැලීමේදී ලාංකීය සිනමාව ඉන්දීය සිනමාවේ පෝෂණයක්ලැබූ බව පැහැදිලියි.
ඒ වගේම ඉන්දියාව සෑම අතකින්ම භූමිය, භාෂාවන්, විවිධ සංස්කෘතික සුවිශේෂතා මත බිහිවූ රටක්. එයට පදනම්ව ගොඩනැගුණු ඉන්දියාවේ
ප්‍රේක්ෂකාගාරයද දුපතක් වූ ශ්‍රී ලංකාව හා සැසඳීමේදී එය සිය ගුණයක් විශාලයි.
ඉතිං ඔවුන්ගේ නිර්මාණ සඳහා ආයෝජන කරන්නේ මහා පරිමාණ ව්‍යාපාර ආයතන වීමද, ගෝලීය වශයෙන් ඉන්දියාව ස්ථානගත වී තියෙන ආකාරය අනුවත් මෙයට හේතු විදියට දක්වන්න පුළුවන් . ඒ විතරක් නෙවේ ඉන්දියාව නිරන්තරයෙන් ජාත්‍යන්තරයට තම නිර්මාණ ගෙන යනවා
. එය ලංකාව සමඟ සැසඳීමේදී ඉතා විශාල පරතරයක්. නමුත් අපේ රටේ ඉන්දියාවට නෙවෙයිනෙ.

ඔබට හිතෙනවද ලංකාවේ සිනමා කර්මාන්තය හෝ රංගන ශෛලියන් දියුණු නොවීමට ඒ සඳහා ලංකාවේ සිනමා පාසලක් හෝ නිවැරදි අයුරින් ගුරුහරුකම් දෙන රංගන පාඨමාලාවන් නොමැති වීම අඩුපාඩුවක් කියලා?
ඔව් ඒකත් ප්‍රධාන හේතුවක්. ලංකාවේ දැනට සෝමලතා සුබසිංහ මහත්මියගේ ,අනෝජා වීරසිංහ මහත්මියගේ අභිනආදී පුහුණු ආයතනවලට අමතරව බර්ට්‍රම් නිහාල් මහතා මෙහෙයවනපාඨමාලාද අමතරව මහේන්ද්‍ර පෙරේරා, ප්‍රසංනජිත් අබේසූරිය,ජයන්ත චන්ද්‍රසිරි වැනි කලාකරුවන් මෙහෙයවන පාඨමාලා තුළින් බොහෝ ශිල්පීන් පිරිසක් ක්ෂේත්‍රයට දායාද කරනවා. නමුත් ශිල්පියකුට පුහුණුවට රාජ්‍ය අනුග්‍රහය මත ගොඩනැණු විධිමත් ක්‍රමවේදයක් ලංකාවේ නැහැ.
එහෙනම් කවුද මේවට ඉදිරිපත්වෙලා මූලිකත්වය ගත යුත්තේ ,
රංගන පාසල් ආරම්භය පෞද්ගලික අංශයටත් කළ හැකි දෙයක්. ඔවුන් ඒ ගැනඅවධානය යොමු කරනවා නම් ඉතා වටිනවා. රජය පිළිබඳවම පමණක් බලාපොරොත්තු තියා ගැනීම ප්‍රායෝගික නැහැ.
තවමත් මිනිස්සු කතා කරන්නේ ගාමිණී, මාලිනී, විජය පරපුරේ හිටපු පෙම්වතා, පෙම්වතිය සහ වීරයා ගැන . 70-80 දශකයේ සිනමා නිර්මාණ ගැන ? අපිට කොහෙ හරි වැරදිලා ද ?
එහෙම වැරදීම් වෙලත් ඇති. නමුත් අද පරපුර වෙනස්. මම හිතන්නේ ඉන්දියාවේ පවා සිනමා ප්‍රතිරූප ගැන ප්‍රේක්ෂකයන් ඉස්සර වගේ අවධානය
යොමු කරන්නේ නැහැ. අද සමාජ මාධ්‍ය ඔස්සේ සපයන සේවා නිසා හැමෝටම ඕනෑ තරුවක් වෙන්න. ඉතිං කාලය වෙනස් වෙලා. මේ වෙනස පිළිගනිමින් ඉදිරියට යන්න ඕන.
එහෙමනම් වර්ථමානයේදී ඔබ දැක්ක ප්‍රබලම තිරරචනයක් තියෙන චිත්‍රපටය මොකක්ද?
ලාංකේය සිනමාවේ නම් අශෝක හදගම මහතා අධ්‍යක්ෂණය කළ ඇල්බොරාදා චිත්‍රපටිය. ජාත්‍යන්තර සිනමාවේ නම් පැරසියිට්, ජෝකර් සහ ද හවුස් ඔෆ් ගුචි
වැනි චිත්‍රපටිවලටත් මගේ කැමැත්තක් තියෙනවා.
ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයේ පවතින්න සම්මාන සහ ඇගැයීම් අවශ්‍යමද?
ශිල්පියෙකුට සම්මාන සහ ඇගැයීම් අවශ්‍යයි කියලයි මම හිතන්නේ. ලංකාවේබොහෝ ශිල්පීන් නිර්මාණය කරන්නේ ආර්ථික වාසි මතම පමණක් නොවෙයි.
ක්ෂේත්‍රයේ ඇති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ඔවුන්ට මනා අවබෝධයක් තියෙනවා. ආර්ථික ප්‍රතිලාභවලට වඩා වැඩි යමක් ශිල්පීන්
වශයෙන් අපට අවශ්‍යයයි කියලා මම හිතනවා. ඒ නිසා මානසික වශයෙන් ඔවුන්තෘ ප්තිමත් වන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් ඔවුන්ගේ දක්ෂතා
ඇගැයීමත් මතයි. ඒ සඳහා සම්මාන සහ ඇගැයීම් අවශ්‍යයයි. නමුත් එවැනි සම්මාන ඇගැයීම් නොමැති වුණත් තුන් කාලයේම අති දක්ෂ රංගන ශිල්පීන්
ශිල්පිනියන් ක්ෂේත්‍රය තුළ කැපවීමෙන් කටයුතු කරන බව අපි දන්නවා.
ඔබ දිගු කාලයක් ක්ෂේත්‍රයේ ඉන්න නිළියක්. නමුත් ඔබට ප්‍රමාණවත්අ වස්ථා ලැබිලා නැති බව පේන්න තියෙන කාරණාවක්.?
අතලොස්සක් නිර්මාණ හැර බොහෝ අවස්ථාවලදී තිර පරීක්ෂණ සහ වෙනත් විධිමත් වෘත්තීමය ක්‍රමවේදයන් යටතේ නළු නිළියන් තෝරා නොගැනීම නිසා දක්ෂතා තියෙන බොහෝ අයට ක්ෂේත්‍රයට එන්නට අවස්ථාව නොලැබෙනවා. අද වෙනකොට නිර්මාණ අලෙවිය, ඒ වගේ ප්‍රාග්ධන සැපයුම ආදී කරුණු නිසා ඒවායේ
තෝරා ගැනීමේ මිනුම් දඩු වෙනස්වී තියෙනවා. මම හිතනවා වෘත්තීමය හැදැරීමක් සහ දීර්ඝ කාලීන කැප කිරීමක් සිදු කළත් මා සඳහන් කළ නිර්මාණයක් අලෙවිය තුළදී සළකා බලන ඇතැම් කාරණා වෙනකොට මා තුළ නොමැති වීම ඊට බලපාන්න ඇති.
අදටත් මේ කරුණ සැළකිල්ලට ගෙන වෘත්තීය වශයෙන් හැදැරීම් සිදු කරන්නේම ඒ නිසා. අනාගතයේ විශිෂ්ට ශිල්පිනියක් වීමට එය රුකුලක් වෙයි.
අපේ අනාගත සිනමාව ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?
මම කැමතියි අනාගත සිනමාව ගැන සුබවාදී බලාපොරොත්තුවක් තියා ගන්න. අද වෙනකොට අපට ලෝකයට විවර වෙන්න ගත වෙන්නේ ඉතා කුඩා කාලයක්. මේ හරහා අපේ නිර්මාණයක් ලෝකයටම පෙන්වන්න පහසුකම් තියෙනවා. නිර්මාණයක් කිරීමට අවශ්‍ය සෑම අයෙකුටම අවස්ථාව තියෙනවා. සමාජයේ සංකීර්ණතා වැඩිවීමත්, තරගකාරී බවත් නිසාම නිර්මාණ සඳහා වඩාත් ගැඹුරු සහ වෙනස් ප්‍රස්තුතයන්
ගොඩනැගෙමින් පවතිනවා. මෙය නිර්මාණකරණයට වෙනස් දොරක් විවර කරලා තියනවා
