“මේක මගේ කැමැත්ත. මේ දෙයට කිසිම කෙනෙක් වගකියන්න ඕන නෑ. මගේ ජීවිතය ගැන මා විසින් ගත් තීරණයට, පරීක්ෂණ කිරීමටත් වගකිව යුත්තන් සෙවීමටත් අවශ්‍ය නොවන අතර මා ගැන මා වගකීම භාර ගන්නම්“
මෙසේ ලිපියක් ලියමින් පසුගියදා අවසන් ගමන් ගිය ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ පස්වැනි වරට ජාතික ශූරිය ලෙස සම්මාන ලැබූ කෞශල්‍යා මධුෂානී.
තමා ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික සූරිය ලෙස සම්මාන ලබා පසු දිනයේ ඇය සිය දිවියට සමුදුන්නා.පසුගිය විසි තුන් වැනිදා ජාතික සූරිය ලෙස සම්මානනීය වූ ඇය විසි හතර වැනිදා තම ජව සම්පන්න ගමන නිමා කළා.මිය යනවිට 26 හැවිරිදි වියේ පසුවූ කෞශල්‍යා මධුෂානී
ඇයගේ හොඳම මිතුරියට තම ජංගම දුරකතන පණිවිඩයක් තබමින් “මම ගිහින් එන්නම් මචෝ … මා එක්ක තරහ වෙන්න එපා … බුදු සරණයි“ යනුවෙන් කෙටි පණිවිඩයක් ද යවා තිබූ බව පැවසෙනවා.
දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි සිය නිෙවසේදීම දිවියට සමුදුන් ඈ කුලියාපිටිය මධ්‍ය මහා විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර පසුව ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයට එක් වූවා. 2016 හා 2017 වසරවලදී මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරිය වූ ඇය යළිත් වරක් 2019දී 2021දී හා 2022දී එම ඉසව්වේ ජාතික ශූරිය බවට පත් වූවා. ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධාන කළ 33 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලෙළේදී අවුරුදු 20න් ඉහළ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාව බවට පත් වූයේද කෞශල්‍යා මධුෂානීයි.
අන්තර්ජාතික මලල ක්‍රීඩා තරග නියෝජනය කළ ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වෙන් ලක් මව සැරසූ දියණියක්. 2014 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ රිදී පදක්කම ඇය ලැබූ ඉහළම ජයග්‍රහණය. 2016 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ලෝකඩ පදක්කම, 2019 වසරේ නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ රිදී පදක්කම හා සහය දිවීමේ රන් පදක්කම ඇය හිමි කරගත්තේ කිසිවකුටත් අභිභවා යා නොහැකි ජවයෙන්.
ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට වසර 100ක් ගෙවෙද්දී පැවැති ජාතික ශූරතාවලියේදී ඇය කඩුලු මතින් දිවීමේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීම ද සමත්වුණා
නමුත් ඈ ජීවන කඩුල්ල අභියස පරාජිතව තම දිවියට සමුදුන්නේ ශ්‍රී ලංකා මාතාවට තවත් දිරිය දියණියක් අහිමි කරමින්.
