භු විද්‍යා හා පතල් සභාපති ගෙදර යවා අධ්‍යක්ෂ ජනරාල්ට නිවාඩු දෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සිදුව ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව ලැබුණු පැමිණිලි සම්බන්දයෙන් එහි සභාපතී වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර තිබෙන අතර අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිවාර්යය නිවාඩු යවා තිබේ.
වික්‍රමසිංහ මහතා බලයට පත්වීමෙන් පසු වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධව ලැබුණු පැමිණිලි අනුව රාජ්‍ය ආයතන ප්‍රධානීන් 14 දෙනෙකු පමණ ඉවත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.