බොලිවුඩයේ ඇත්ත කතාව කියන ප්‍රියංකා

ඉන්දියානු නිළියක් වන ප්‍රියංකා චොප්රා ජෝනාස් BBC 100 Women වෙත පවසන්නේ ඇයගේ වසර 22ක වෘත්තීය ජීවිතය තුළ ප්‍රථම වරට ඇය සමඟ රංගනයේ යෙදෙන පිරිමි නළුවාට සමාන වැටුපක් ලැබීමට ඇය සමත් වූ බවයි, ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරම්භවීමට නියමිත නව කතා මාලාවක් වන Citadel වෙනුවෙනි.
“මට කවදාවත් බොලිවුඩයේ සමානාත්මතාවක් තිබුණේ නැහැ. මට මා සමඟ රංගනයේ යෙදෙන නළුවාගේ වැටුපෙන් 10% ක් පමණ ගෙවීමක් පමණයි ලැබුනේ. වැටුප් පරතරය විශාලයි, මගේ පරම්පරාවේ කාන්තා නළු නිළියන් අනිවාර්යයෙන්ම සම වැටුප් ඉල්ලා සිටියා ,ඒත් අපට එය ලැබී නැහැ..මා සමඟ රංගනයේ යෙදෙන නළුවා එයාගේ වෙලාව ගත්තා. අපිට වෙලාව ලැබුනේ එයාට ඕන වෙලාවට” ප්‍රියංකා බොලිවුඩයේ ඇත්ත කතාව පැවසුවේ එලෙසිනි
ඇය ඉන්දියාවේ අති සාර්ථක තරුවක් වන අතර බොලිවුඩ් චිත්‍රපට 60කට අධික සංඛ්‍යාවක රංගනයෙන් සම්බන්ද වී තිබේ. වසර දහයකට පමණ පෙර ඇය හොලිවුඩයට පිවිසි අතර එක්සත් ජනපද තුල සළකුණක් තැබූ ඉන්දියානු නළු නිළියන් කිහිප දෙනාගෙන් කෙනෙකි.