බොරැල්ලේ රෝහලක වෘෂණ කෝෂයක් එක් කෝටි හැට අට ලක්ෂයයි

මේ සම්බන්ද තොරතුරු ආරංචි වන්නේ බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකිනි. මෙම රෝහලේදී එක් වකුගඩුවක් සඳහා කෝටියකට ආසන්න මුදලක් ලබා දෙන බව පවසා වකුගඩු ලබාගෙන තිබුනද අදාළ මුදල් නොගෙවා ඇති බවයි බොරැල්ල පොලිසියට කිහිප දෙනෙකුම පැමිණිලි කොට ඇත්තේ.
එමෙන්ම බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ තරුණයෙකුට වෘෂණ කෝෂයක් සම්බන්ද කිරීම සඳහා රුපියල් එක් කෝටි හැට අට ලක්ෂයක් ගෙවීමට අදාළ රෝහල පොරොන්දු වී සිට ඇති අතර සැත්කම සඳහා දිනද නියම කොට ගෙන තිබෙනවා. එහෙත් මේ සම්බන්දව සැකයක් ඇතිවී ඔහු ඊට අකැමැත්ත පලකොට ඇති බවයි වාර්තා වන්නේ.