
හම්බන්තොට පැරැණි බූන්දල මාර්ගයේ තිබී මළ සිරුරක් හමු වී තිබේ. පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් වන එහි ගෙලෙහි කැපුම් තුවාල ඇති බව හම්බන්තොට පොලිසිය පවසයි.
හම්බන්තොට පොලිසියට ඊයේ (27) පෙරවරුවේ ලැබුණු තොරතුරක් මත අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ. මියගොස් සිටින පුද්ගලයාට අවුරුදු 30ක් පමණය.
මෘත ශරීරය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති නමුත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.