බූරු මූණා රැක්ක තවත් 4ක් කොටු

හංවැල්ල ආපනශාලාවකට පැමිණ එහි හිමිකරු ඝාතනය කිරීම ඇතුළු ඝාතන 13කට සම්බන්ධ බව පැවසෙන “බූරූ මූණා” නම් සැකකරුට රැකවරණය සපයා දුන් තවත් සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවකුට අත්අඩංගුවෙන් පලා යාම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි මෙම සිවුදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීම, රැකවරණය සලසා දීම, ආහාර පාන සහ පහසුකම් සපයා දීම ඇතුළු චෝදනාවන්ට එරෙහිව සැකකරුවන් ඊයේ (13) අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. එම සැකකරුවන් කටුවැල්ලේගම, මීගමුව, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මීට අමතරව සැකකරුවන් භාවිත කළ මෝටර් රථ 02ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.