
බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් පැල්වත්ත සීනි සමාගමට යන ප්‍රධාන මාර්ගයේ බුරුත හන්දියේදී මීට සුළු මොහොතකට පෙර සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බුත්තල පොලිසිය පවසයි.. ලොරි රථයේ ගැටුණු යතුරුපැදිය මීටර් 100ක් පමණ දුරකට ඇදගෙන ගොස් ඇත.
අනතුර සමඟ කුපිත වූ ප්‍රදේශවාසීන් ලොරි රථයට පහර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වැල්ලවාය ජී.අයි.ආර්. ගරුසිංග