බිළිඳාගේ මව සොයා ගනී

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ බිලිඳෙකු දමා යාමේ සිදුවීම සම්බන්ධයෙන් යුවලක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
ඔවුන් අවිවාහකයන් වන අතර දරුවාගේ මව යයි සැක කාන්තාවගෙන් ප්‍රශ්න කොට ඇති අතර ඇය පවසන්නේ

” මම තනියෙම ගියා කොළඹට පස්සේ මම බබාව මහත්තයට දුන්නා. එයාට දීලා මම හවස 6:00ට විතර කොළඹින් ආවා. පස්සේ මට මහත්තයා රෑ නවයෙන් පස්සේ කතා කරා. එයා මට කිවුවා කෝච්චියෙන් බබාව තියලා අවා කියලා.

අපි දෙන්නම කතා වෙලා තමයි මෙහෙම ළමයාව තිබ්බේ ගෙදරට කියන්න බැරි නිසා “

තව දුරටත් ඇය පවසන්නේ ෆේස්බුක් මඟින් බිළිඳා පිළිබඳව තොරතුරු දැනගත් බවයි.

මව සහ පියා අද (12) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී බණ්ඩාරවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ ඔවුන් දෙදෙනා එළැඹෙන 15 වැනිදා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් බදුල්ල බන්ධනාගාරයට යොමුකරන ලෙසය.