බිරිය මරා දමා සැමියා මහල් නිවාසයෙන් බිමට පනී

පවුල් ආරවුලක් මුලික කරගනිමින් (13) දා රාත්‍රියේ සැමියා ,32 හැවිරිදි තම බිරිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත්තේ බොරැල්ල, සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේදීය.

මියගිය අයගේ මෘත ශරිරය පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය අද (14) සිදුකිරීමට නියමිතය.
ඝාතනයා ද එම මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් බිමට පැන ඇති අතර බරපතළ තුවාල ලැබීම හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

බොරැල්ල පොලීසිය මේ සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.