වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු පවසයි

“කොහොම හිර කළත් අපි ජනතාවට අවශ්‍ය සහන දෙනවා” යැයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වැලිමඩ නව සතොස ශාඛාව විවෘත කරමින් පැවසීය.
ආනයනික බිත්තර ලංකාවට ගෙන්වා ඇත්තේ සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව බවත්, මොන බලපෑම් සිදු කළ ද බිත්තර තොගය මුදාගෙන පාරිභෝගික ජනතාවට අවශ්‍ය සහනය දෙන බව වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ වැලිමඩ බණ්ඩාරවෙල පාරේ 440 වන වැලිමඩ දෙවැනි සතොස ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ආනයනික කිරිපිටිවල මිල රුපියල් 80 කින් අඩු කළ ද, තවමත් වෙළෙඳ පොළට එම මිලට කිරිපිටි ලැබී නොමැති බව පැවසු අමාත්‍යවරයා ඉදිරි දින දෙක තුළ කිරිපිටි අඩු කළ මිලට පාරිභෝගික ජනතාවට ලබා ගත හැකි බවත් එසේ නොවුණ හොත් සමාගම් සමඟ කතා කර අවශය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. එමෙන්ම පසුගිය අවුරුදු දෙකෙහි පිඩා විඳි ජනතාව මෙවර සිංහල අලුත් අවුරුද්ද සමරන බවත් ඔවුන්ට පහසු මිලට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට ලංකා සතොස මඟින් වැඩපිළීවෙලක් දියත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය , වැලිමඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් ද සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ඇතුළු සතොස ආයතනයේ නිලධාරින් පිරිසක් ද රාජ්‍ය නිලධාරින් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ලුසන්ත රත්නායක
වැලිමඩ