බිත්තරේ තව උඩ යයි?

ඉදිරි උත්සව සමයේ බිත්තර මිල රුපියල් 80ක් දක්වා ඉහළ යා හැකි බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා කියාසිටී.

රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ 32 වන වාර්ෂික සමුළුව ඊයේ (02) මහනුවර ඕක්රේ හෝටලයේදී පැවැති අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ වන විට බිත්තර මිල රුපියල් 50-60 අතර සීමාවේ පවතින්නේ බිත්තර පරිභෝජනය අඩුවීම නිසා බවත් ඉදිරි උත්සව සමයේදී බිත්තර පරිභෝජනය ඉහළ යෑමත් සමඟ මෙම මිල රුපියල් 80 දක්වා ඉහළ යනු ඇති බවත් ඒ මහතා කීය.