ඩේටින් ඇප් සම්බන්ද කරගනිමින් කාන්තාවන් හා පුරුෂයන් සබඳතා ආරම්භ කලපසු ඒ හරහා එම පිරිමි පුද්ගලයා පැහැරගෙන මංකොල්ල කෑමේ පුවතක් බ්‍රසීල පොලිසිය විසින් අනාවරණය කරගැනීමට සමත්විය. එරට පොලිසිය සඳහන් කරන ආකාරයට එම සිදුවීම් වැඩිවශයෙන් සිදුවන්නේ São Pauloහී ය. ඔවුන්ට අනුව 90% කටත් වඩා සිදුව ඇත්තේ ටින්ඩර් වැනි ඩේටින් ඇප් උපයෝගී කරගනිමින් නිර්මාණය කළ ව්‍යාජ ගිණුම් හරහාය.
සන්නන්ද පිරිස්වල ඉලක්කයවී ඇත්තේ වයස අවු. 40ට වැඩි අවිවාහක පුරුෂයන් වන අතර ඔවුන් විසින් පැහැරගත් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල මුදල් කොල්ලකන අතර යම් අවස්තාවන් වලදී ශාරීරික වද හිංසනයන් කිරීමටද කටයුතු කරන බව පොලිසිය ප්‍රකාශ කරයි. මෙම වසරේදී පමණක් පොලිස් නිලධාරීන් මීට සමාන සිදුවීම් 94 ක් සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර, සැකකරුවන් 250කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර තිබේ
