
කසිප්පු පානය කර ඇති වූ බහින් බස් වීමකදී පුද්ගලයකුට පහර දී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් ලුණුවිල උදාසිරිගම පොලිසියෙන් වාර්තා වේ. කිරිමැටියාන කන්දවත්ත පදිංචි ඉඳුනිල් විජේසිරි යන අය සාන්තානාපුර කිරිමැටියාන වත්ත පදිංචි ඔහුගේ නැඟනියගේ නිවෙසට පැමිණ සිටියදී එම වත්තේම පදිංචි අයකු සමඟ එක්ව කසිප්පු පානය කර ඇත.
ඉන් පසුව ඇති වූ බහින්බස් වීමකදී සකකරු වන සම්පත් සිල්වා නොහොත් දතා විජේසිරිට පහර දී තල්ලු කර තිබේ. එවිට විජේසිරි යන අය කොන්ක්‍රීට් පාර මත ඇඳ වැටීමෙන් හිසට තුවාල සිදු වී මාරවිල මූලික රෝහලට ඇතුළත් කරන ලද අතර තුවාලකරුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු වන ලුණුවිල, කිරිමැටියාන වත්ත පදිංචි සම්පත් සිල්වා නොහොත් දතා යන අය උදාසිරිගම පොලිසියේ සැරයන් බණ්ඩාර (3080) මහතා විසින් අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ.යු. ගුණපාල
හලාවත