
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් බස්නාහිර පළාත තුළ ඇති පාසල්වල හෙට (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇත.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පාසල් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ හෙට (15) දින පැවැත්වීමට නියමිත 10,11 ශ්‍රේණි වාර විභාග ලබන 22 වනදා පැවැත්වීමට කටයුතු සලස්වන ලෙසය. එමෙන්ම 09 ශ්‍රේණියේ සිසුන්ගේ වාර විභාග ද හෙට දින නොපවත්වා ලබන 21 වනදා පැවැත්වීමට සැලසුම් කරන ලෙසය.
හෙට දිනය තුළ ඇති විය හැකි වැඩ වර්ජන හේතුවෙන් පාසල් සිසුන්ට විභාග සඳහා පැමිණීමේදී ඇති විය හැකි ප්‍රවාහන අපසහුතා නිසා මෙම තීරණය ගත් බව අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය.