බසයෙන් වැටී සිසුවා මරුට

ඊයේ (15) පස්වරුවේ නාවලපිටිය නගරයේ උපකාර පන්තියකට සහභාගි වි ආපසු නිවස කරා පැමිණීමෙන් සිටි 15 හැවිරිදි දරුවකු ලංගම බස් රථයකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ උඩහින්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි හසිත දේවින්ද්‍ර නැමති 10 වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

සිසුවා බස් රථයෙන් බැසිමට උත්සහ කිරිමේදි බස් රථයෙන් බැසීමට උත්සහ කිරීමේදී වැටීමෙන් හිස ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පස් කන්දක ගැටී බරපතළ තුවාල ලබා ඇති අතර, එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබුණු බව නාවලපිටිය, කුරුඳුවත්ත පොලීසිය පවසයි.