බසයකින් ඇද වැටී පුද්ගලයකු මරුට

ඊයේ (16) සවස වැලිමඩ නගරයේ සිට බෝගහපතන දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකින් ඇද වැටී පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

වැලිමඩ දෙස සිට ඌවපරණගම දෙසට ගමන් ගත් මෙම බස් රථය ඌව පරණගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ආසන්නයේදී ,වංගු සහිත ස්ථානයකදි ඇද වැටීමෙන් මෙම මරණය සිදු වී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ අඹගස්දොව ගොඩලිද පදිංචි වයස අවුරුදු 32 ක විවාහක එක් දරු පියෙකි.

සිද්ධියට අදාළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (17) දින වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඌව ඌවපරණගම අඹගස්දෝව පොලිසිය මගින් සිදු කරයි.

ලුසන්ත රත්නායක වැලිමඩ .