බඳින තුවක්කුව පත්තු වී රෝහලේ

ගාල්ල, උඩුගම නාකියාදෙණිය ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ (26) රාත්‍රී බදින තුවක්කුවක් පත්තුවිමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කොට ඇති බව උඩුගම පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ ගාල්ල, උඩුගම අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සතුන් දඩයම් කිරිම සඳහා භාවිත කෙරෙන මෙම බඳින තුවක්කුවට වෙඩි බෙහෙත් දමා කොටමින් සිටියදී තුවක්කුව පත්තු වී තිබේ. එමඟින් මෙම පුද්ගලයාගේ වම් අතට තුවාල වි ඇති බවයි පොලිසිය පවසන්නේ.

උඩුගම පොලිසිය විසින් මෙම සිද්ධිය පිළිබද පරික්ෂණ පවත්වනු ලබයි.