බන්ධනාගාර රැඳවියකු හිටිගමන් මිය යයි

හදිසියේ හටගත් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රැඳවියකු ඊයේ (05) වව්නියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් දඬුවම් ලබමින් සිටි පුද්ගලයෙකි.

56 හැවිරිදි මිය ගිය රැඳවියාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.