මුදල් වංචාවක් පිලිබඳ චෝදනාවක් සම්බන්දයෙන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටින තිලිණි ප්‍රියමාලි පසුගිය නොවැම්බර් 24 දින බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය හෙවත් බන්ධනාගාර පොලිසිය මගින් එකම රාත්‍රියේ තුන්වරක් අසාමාන්‍ය ලෙස පරික්ෂා කිරීමකට ලක් කර තිබේ. එසේ අමානුෂික ලෙස පරික්ෂාවට ලක්කර ඇති තිලිණි ප්‍රියමාලි හට බන්ධනාගාරය තුල සිදුවන අමානුෂික සැලකිලි පිලිබඳ අද ඇයගේ නීතිඥ මණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එහි දැක්වෙන පරිදි ඇයට ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද බන්ධනාගාර නිලධාරීන් පීඩා කොට තිබේ. බන්ධනාගාරයට පැමිණි නිලධාරීන් ඇයගේ රාත්‍රි ඇඳුම ඔසවා යෝනිමාර්ගය පරීක්ෂා කළ බවත් එහි සඳහන් වේ.
එසේ කරුණු දැක්වූ සම්පූර්ණ ලිපිය පහත පරිදිවේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
අංක 14, ආර්.ඒ.ද මැල් මාවත,
කොළඹ 04.
2022.12.06
ගරු සභාපතිතුමනි,
බන්ධනාගාරය තුළ දී සිදු වන අමානුෂික සැලකීමක් පිළිබඳවයි
මාගේ සේවාදායිකාව වන වත්තල, ඇවරියවත්ත, එඩ්වඩ් පටුමග, අංක 25 ලිපිනයේ පදිංචි තිළිණි ප්‍රියමාලි (ජා.හැ.අ. 198280305240) නැමැති අය වෙනුවෙන් පහත සඳහන් පැමිණිල්ල ඔබ කොමිසම වෙත සිදු කරමි.
මාගේ සේවාදායිකාව මේ වන විට “මුදල් වංචාව” පිළිබඳ චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදුව, වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටී.
ඇයව එකී කාන්තා අංශයේ රඳවා සිටින්නේ “සෙල් පේළිය” නමින් හඳුන්වනු ලබන මීට පෙර මරණ දඬුවම හිමිවූ තැනැත්තියන් රඳවා තබන ලද 6‘ ං 8‘ පමණ වූ කුටියකය. 2020 නොවැම්බර් මස 24 වන දින ඇය සන්තකයේ තිබී දුරකථනයක් “බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය” හෙවත් “බන්ධනාගාර පොලිසිය” නමින් හඳුන්වන ඒකකය විසින් සොයා ගත්තා යැයි කියන සිදුවීමක් සම්බන්ධව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය ඉදිරියේ විමර්ශනයක් පැවති අතර ඉන් අනතුරුව ඇයව යළි කාන්තා අංශය වෙත යොමු කර තිබුණි.
එදින රාත්‍රියෙහි රාත්‍රී 11.00ට පමණ එක්වරම ඉහත කී බන්ධනාගාර පොලිසිය හි නිලධාරිනියන් හය දෙනෙකු පමණ මාගේ සේවාදායිකාව රඳවා සිටි සිර කුටියට පැමිණ හදිසි පරික්ෂාවක් සිදුකරන ලදි. එහිදී එකී නිලධාරිනියන් මාගේ සේවාදායිකාවගේ රාත්‍රී ඇඳුම එසවීමට අණකර පරික්ෂා කිරීම සිදු කර තිබූ අතර ඇයව එසේ පරික්ෂා කිරීමේ දී ඉතාම අමානුෂික සහ කෲර ආකාරයෙන් කටයුතු කර තිබුණි. විශේෂයෙන්ම යමක් සඟවා ගෙන සිටී දැයි පරික්ෂා කිරීම සඳහා ඇයගේ යෝනි මාර්ගය පවා විදුලි පන්දම් උපයෝගී කරගෙන පරික්ෂා කිරීම සිදු කර තිබූ අතර එහිදී සාමාන්‍යයෙන් දෙකකුල් ඈත් කළ හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් ඈත් කිරීමට බල කරමින්, අවසානයේ ඇයගේ යෝනි මාර්ගයේ පැල්මක් පවා ඇතිවන තරමේ පරික්ෂා කිරීමක් එහි දී සිදු කොට තිබුණි.
මෙහි දී එකී නිලධාරිනියන් අත්වැස්මක් හෝ එවැනි ආකාරයේ සෞඛ්‍යාරක්ෂිත කිසිදු ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබූ අතර පරුෂ වචනයෙන් බැණ වදිමින් මාගේ සේවාදායිකාව කෲර සහ අමානුෂික ආකාරයේ සැලකීමකට ලක් කරමින් එකී පරික්ෂා කිරීම සිදු කර තිබුණි. එම සිදුවීමෙන් අනතුරුව බන්ධනාගාරයේ සාමාන්‍ය බන්ධනාගාර නිලධාරිනියන් හට තමන්ට තුවාල වී ඇති බව මාගේ සේවාදායිකාව විසින් පැමිණිලි කිරීමෙන් පසුව එකී නිලධාරිනියන් විසින් බන්ධනාගාර රෝහලෙහි ඒ වන විට සේවයේ යෙදී සිටි වෛiවරයා හමුවට යොමු කර තිබුණි. එම වෛiවරයා පරික්ෂා කිරීමෙන් අනතුරුව තාවකාලිකව ඇයට වේදනා නාශක සහ තවත් ඖෂධ කිහිපයක් ලබා දී තිබූ අතර ඒවා ලබා ගැනීමෙන් අනතුරුව ඇයව බන්ධනාගාර වාට්ටුවට යළි යොමු කර තිබුණි.
එලෙස යළි බන්ධනාගාරය තුළට ඇයව රැගෙන යන අවස්ථාවේ දී බන්ධනාගාරයට ඇතුළුවන දොරටුවේ දී ද යළිත් ඉහත කී බන්ධනාගාර පොලීසියේ නිලධාරිනියන් ඇයට ඉතාම අමානුෂික ලෙස සලකමින් යළිත් පෙර පරිදිම අසාමාන්‍ය ලෙස දෙකකුල් ඈත් කිරීමට බල කර සැර පරුෂ වචනයෙන් බැණ වදිමින් යළි පරීක්ෂා කිරීමක් සිදු කර තිබුණි.
ඉන් අනතුරුව මාගේ සේවාදායිකාව සුපුරුදු කුටියට යළි පැමිණ නින්දට ගොස් තිබූ අතර යළි රාත්‍රී 3.30 ට පමණ ඉහත කී බන්ධනාගාර පොලිසීයේ නිලධාරිනියන් පරික්ෂාවක් සඳහා යැයි කියමින් පැමිණ තිබුණි. එහිදී ද පෙර පරිදිම දෙකකුල් ඈත් කරමින් විදුලි පන්දම් මගින් යෝනි මාර්ගය පිරික්සීම සිදු කර තිබූ අතර මුල් අවස්ථාවේ සිදුවීමෙන් පසු ලබාගෙන තිබූ දැඩි වේදනා නාශක ඖෂධ හේතුවෙන් තමන්ට ක්ලාන්ත ස්වභාවයක් සහ ඉතා තද නිදිමතක් ඇති බව පැවසුවත් එයට ද සැර පරුෂ වචනයෙන් බැණ වැදී ඒ මේ අත හරවමින් කෲර ලෙස සලකා පරික්ෂා කිරීම සිදු කර තිබුණි.
ඉන්පසු උදෑසන කාන්තා අංශයට පැමිණි වෛiවරියට ද මෙම සිදුවීම සම්බන්ධව සහ ඇයට ඇති වූ තුවාල සහ පවතින වේදනාව සම්බන්ධයෙන් පැමිණිලිකර තිබූ අතර වෛiවරිය විසින් යළි අදාළ ඖෂධ ඇයට ලබා දී තිබුණි. එසේම මාගේ සේවාදායිකාව විසින් ඇයට සිදු වී ඇති තුවාල පිළිබඳව ඇයව පරික්ෂා කර වෛi වාර්තාවල සටහන් කරන ලෙස ඉල්ලා තිබූ අතර වෛiවරිය විසින් එය සිදු කළ බව ද මා හට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
මේ සිදුවීම පිළිබඳව පහත කරුණු සම්බන්ධයෙන් ඔබ කොමිසමෙහි දැඩි අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
- එකම රාත්‍රීයේ දී මාගේ සේවාදායිකාව තුන්වතාවක් ඉහත කී බන්ධනාගාර පොලිසිය මගින් ඉතාම අමානුෂික සහ කෲර ලෙස පරික්ෂා කිරීම සිදු කර තිබීම.
විශේෂයෙන්ම එදින උදෑසන පැවති බන්ධනාගාර විමර්ශන මණ්ඩලයේ දී මාගේ සේවාදායිකාව විසින් ඇය සන්තකයේ තිබුණා යැයි කියන දුරකථනය සම්බන්ධයෙන් වරද පිළිගැනීම සිදු නොකල නිසා ඒ පිළිබඳව වෛරී අදහසකින් යුතුව මෙම නිලධාරිනියන් ඉහත කී අමානුෂික පරික්ෂා කිරීම සිදු කළ බව මාගේ සේවාදායිකාව මා හට උපදෙස් ලබා දෙන ලදි. විශේෂයෙන් පරික්ෂා කිරීම් වලදී ඉහත කී නිලධාරිනියන් හැසිරුණු ආකාරයෙන් තමන්ට එය වැටහී ගිය බවත්, සාමාන්‍යයෙන් බන්ධනාගාරය තුළ සිදුකරන දුරකථන සම්බන්ධ වැටලීම් වලදී බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය ඉදිරියේ දී සියලුම රැඳවියන් පාහේ වරද පිළිගන්නා බවත්, තමන් එසේ නොකර තමන්ට එල්ල කොට තිබූ ව්‍යාජ දුරකථනයක් ළඟ තබා ගැනීම සම්බන්ධ චෝදනාව පිළිබඳ නිවැරදිකරු යැයි ප්‍රකාශ කර, නඩු විභාගයකට යා යුතු බව එදින උදෑසන විනිශ්චය මණ්ඩලය හමුවී ප්‍රකාශ කර තිබීම මෙලෙස ඉහත ඒකකයේ වෛරයට තමන්ව ලක්වීමට හේතුව බව මාගේ සේවාදායිකාවට හැඟී ගිය බව ප්‍රකාශ කර සිටී
- යෝනි මාර්ගය සහ ශරීර අභ්‍යන්තරය පරික්ෂා කිරීම සඳහා නිලධාරීන්ට උපකරණ තිබිය දී සහ අනිකුත් රැඳවියන් වේදනාවකින් හෝ හානියකින් තොරව එලෙස පරීක්ෂා කිරීම සිදු කරන නමුත් තමුන් සම්බන්ධව පමණක් මේ ආකාරයෙන් භෞතිකව විදුලි පන්දම් යොදා පරික්ෂා කිරීම් සිදු කිරීම මගින් සිදුවන අසාධාරණය පිළිබඳව.
- ඉහත කී පරික්ෂා කිරීම් සිදු කරන අවස්ථාවලදී සාමාන්‍යයෙන් ඇයගේ ආරක්ෂාවට සිටින සාමාන්‍ය බන්ධනාගාර නිලධාරිනිය එම කුටියෙන් ඉවත් කොට හය දෙනෙකුගෙන් පමණ යුතු බන්ධනාගාර පොලිස් නිලධාරිනියන් පමණක් තමන්ව වට කරගන්නා බැවින් ඔවුන් විසින් යම් අවස්ථාවක යළිත් ව්‍යාජ ලෙස දුරකථනයක් හෝ සිම්පතක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව තමන්ට චෝදනා එල්ල කිරීමේ අවධානමක් පවතින බව.
මාගේ සේවාදායිකාව ප්‍රකාශ කර සිටින්නේ, සාමාන්‍ය බන්ධනාගාරයේ කාන්තා අංශයේ නිලධාරිනියන් සියලු දෙනාම තමන්ට විශේෂ වෙනස්කමකට භාජනය නොකර හොඳින් සැලකුම් සිදුකරන නමුත් ඉහත කී බන්ධනාගාර පොලිසියේ නිලධාරිනියන් තමන්ට ශාරීරිකව පමණක් නොව මානසිකව ද දැඩි පීඩාවක් ගෙන දෙන අයුරින් කටයුතු කළ බවයි.
මෙහිදී ඔබ කොමිසමේ අවධානයට යොමු කර සිටින කරුණ නම් නීතියෙහි ඉතාම වැදගත් සිද්ධාන්තයක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකමක් වන “නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය” යන අයිතිවාසිකම මාගේ සේවාදායිකාව සම්බන්ධයෙන් මෙහිදී බරපතල ලෙස උල්ලංඝණය වී ඇති බවයි. එසේම “කෲර අමානුෂික සහ අවමන් සහගත සැලකීම්වලින් මිදීමට ඇති අයිතිය” ද එලෙසම ඇය සම්බන්ධයෙන් උල්ලංඝණය වී ඇත.
ඉහත කරුණු පිළිබඳව සොයා බලා විමර්ශණයක් සිදුකරන ලෙසත්, ඒ සඳහා එදින ඇයව පරික්ෂා කරන ලද වෛද්‍යවරයාගේ හා වෛද්‍යවරියගේ වෛද්‍ය වාර්තා උපයෝගී කර ගන්නා ලෙසත්, මාගේ සේවාදායිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීම පිළිබඳව සොයා බලන ලෙසත් ඉල්ලා සිටිමි.
ස්තූතියි,
මෙයට – විශ්වාසී,


