
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි “නෝනා අක්කා ” නමින් ප්‍රසිද්ධ බදුල්ල ප්‍රදේශයේ කාන්තාවක් හෙරොයින් මිලිග්‍රෑම් 6300 ක් සමඟ ඊයේ (09) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
බදුල්ල පහලගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය වයස අවුරුදු හැටක කාන්තාවකි. ඇය විසින් දිගු කලක් තිස්සේ හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ නිරතව සිට ඇති බව පොලිසිය පරීක්ෂණවලදී හෙළි වී ඇත.
සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.