බණ්ඩාරවෙල O.I.C ට කේස්

පොලිස්පතිවරයා ලබාදුන් නියෝගයකට අනුව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාශය මගින්
බණ්ඩාරවෙල පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කොටුව දුම්රිය ස්ථානයේ දමා ගියා බිළිඳාගේ මව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කිරීම, විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැලකිලිමත් වීමකින් තොරව සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම සහ

ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම මේ අකාරයට පරීක්ෂණයක් ආරම්භ කිරීමට හේතු ලෙසින් සඳහන් වේ