බඩුත් එක්ක හොරු මාට්ටු

වව්නතිව් පොලිස් වසමේ ඉරට්ටචෝනමඩු පාසල අසල ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකල මෙහෙයුමකදී වාලම්පුරියක් සමග 37හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

එම වාලම්පුරිය රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුක්ත වන අතර නීතිවිරෝධී ලෙස විකිණීමට සුදානම්ව තිබියදී හසුකරගෙන ඇත්තේ පසුගිය 14 වනදාය.

සැකකරුව, විමර්ශන සඳහා වව්නතිව් පොලීසිය වෙත භාර දී ඇති අතර වාලම්පුරියේ දිග සෙ.මී 23ක් පමණ වන අතර වට ප්‍රමාණය සෙ.මී 34ක් පමණවේ.