පොළොන්නරුව දිස්ත්‍රික්කයේ H.I.V.ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන්පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ස්ථානවල උපත් පාලන කොපු නොමිලයේ නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ වාර්තා වී ඇති සමස්ත ඒඩ්ස් රෝගීන් ගණන 82ක් වන අතර වැඩිම පිරිසකට රෝගය වැලඳි ඇත්තේ සමලිංගික ඇසුර නිසා බවත් ජනවාරි සිට නොවැම්බර් මස අවසානය දක්වා ආසාධිතයන් 16ක් හමුවී ඇති අතර ඉන් 05 දෙනෙකුම ළමුන් බවත්ය.
මේ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහජනයා වැඩි පුර ගැවසෙන ස්ථානවල මෙම කොණ්ඩම් කවුළු ස්ථාපිත කර තිබෙන අතර ඒ හරහා මසකට 50,000 පමණ උපත් පාලන කොපු නොමිලයේ නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
