අගමැති මහින්ද රාජපක්ෂ ඉවත් කළහොත් විපක්ෂයේ අසුන් ගන්නා බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාළ ඇතුළු මන්ත්‍රීවරුන් දසදෙනකු ජනාධිපති රාජපක්ෂ ඊයේ (26) හමුවූ අවස්ථාවේ මේ බව පවසා ඇත.
විපක්ෂයේ හෝ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ හඩට බියවී මහින්ද අස් නොකළ යුතු බවත් කෙසේ හෝ බහුතරය පෙන්වා ආණ්ඩුව රැකගත යුතු බවත් ඔවුන් පෙන්වා දී ඇත.
