පොලිසිය ජංගම හොරාව අල්ලයි

කලුඅග්ගල ප්‍රදේශයේ පදිංචි 41ක් හැවිරිදි අයකු සොරා ගන්නා ලද ජංගම දුරකථන තොගයක් අළෙවි කිරීමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු විසින් රුපියල් ලක්ෂ 10කට අධික වටිනා ජංගම දුරකථන , කොස්ගම,අවිස්සාවේල්ල සහ සාලාව ආදී ප්‍රදේශවල පුද්ගලයින්ට පහසු ගෙවීමේ ක්‍රමයට ලබාදී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ සොරකමෙන් මාස 10කට පමණ පසු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වන අතර ජංගම දුරකථන 19ක් පොලිස් විමර්ශනවලදී සොයාගෙන ඇත. සොරකම සිදුකරන අයුරු වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.