
පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ. විවිධ පාර්ශ්ව විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට විරුද්ධව පෙත්සම් 1,521ක් පමණ ඉදිරිපත් කර තිබෙන බව සඳහන්. මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා මෙම දැනුම්දීම සිදු කර තිබේ.
ඔහු විසින් එම දැනුම්දීම සිදු කරන ලද්දේ මෙසේයි. “පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521 ක් විවිධ පාර්ශ්ව විසින් ගොනු කර තිබෙනවා. එම පෙත්සම්වල අන්තර්ගත කරුණුවල සත්‍ය අසත්‍යතාව නිවැරැදි ලෙස තහවුරු කරගැනීමෙන් අනතුරුව අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා” යනුවෙනි.