පොලිස් නිලධාරියකු යට කර 18 සිසුවා පළා යයි

පොලිස් නිලධාරියකු යට කර වෑන් රථයකින් පැමිණි පුද්ගලයකු පළා ගොස් තිබේ. එම පොලිස් නිලධාරියා කොල්ලුපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු කොල්ලුපිටිය මුහුදු මාවත කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල නිරතව සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුරින් බරපතළ තුවාළ ලැබූ පොලිස් කොස්තාපල්වරයා රෝහල්ගතකර ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

මුහුදු මාවත ඔස්සේ බම්බලපිටිය දෙසට අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ වෑන් රථය පදවා ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටින 18 හැවිරිදි පාසල් සිසුවෙකි.

සැකකාර සිසුවා කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.