පොල්පිටියේ සැඩපහර මිත්තණිය සහ දියණිය බිළිගනී

පොල්පිටිය, හිටිගේගම, බොකරවැවිල ප්‍රදේශය හරහා කැලණි ගගට ජලය ගලා බසින ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය මිත්තණියක සහ ඇගේ මිණිබිරිය ජල පහරට ගසා ගෙන ගොස් ඇති බව පොල්පිටිය පොලීසිය සඳහන් කරයි.

එම ප්‍රදේශයට මේදිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජල පහර ප්‍රචන්ඩ වී ඇත. පෙර පාසලට ගොස් මිණිබිරිය රැගෙන නිවෙසට පැමිණෙන අතරතුර හිටිගේගම පන්සල අසල ඇළ මාර්යක් තරණය කිරීමට යාමේදී දෙදෙනා ම ඇළ මාර්ගයේ සැඩ පහරට හසු වී ගසා ගෙන ගොස් ඇත.

මෙම ඛේදවාචකයෙන් මියගිය මිත්තණියගේ වයස අවුරුදු 60ක් වන අතර මිණිබිරයගේ වයස අවරුදු 5කි.

සැඩ පහරට හසු වී ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව සිටි මිත්තණියගේ සිරුර ඇළ මාර්ගයට පහළින් හමු වී ඇත.

ඇගේ මෘත ශරීරය ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති බව පෙලිසිය සඳහන් කරයි.

අතුරුදන්ව ඇති මිණිබිරියගේ සිරුර සොයා ප්‍රදේශවාසින් සහ පොල්පිටිය පොලිසියේ නිලධාරින් එක්ව මෙහෙයුමක් දියත් කර ඇත.