නව පාසල් වාරයට අලුත් පොත්පත්, පැන් පැන්සල් රැගෙන පාසල් යන්නට මඟ බලා සිටි පුංචි දරුවන් පිරිසකගේ හීන නිමේෂයකින් අළු වී ගිය දුක්මුසු පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
මේ රටේ ආර්ථික අර්බුදය එල්ලවන්නේ කැමට බීමට පමණක් නොවේ. පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත්, පැන් පැන්සල්වලටත් එහි බලපෑම වැඩිය. පිටු 80ක පොතක් රුපියල් 150කටත් වඩා වැඩි වෙන විට, පැන්සලක, පැනක මිල ද තුන් ගුණයකින් ඉහළ යද්දි ඔවුන් අකුරට ගියේ අගහිඟකම් මැද සහ නොයාම බැරිකමටය.
අමිත් වීරසිංහ සමාජ සේවා පදනම මහනුවර අවට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩසටහනක් සංවිධාන කර තිබුණේ මාස කිහිපයකට පෙරය. සමාජ මාධ්‍ය ඔස්සේ කළ දැනුම්දීමට අනුව අඩුආදායම්ලාභී පවුල් 15,000ක පමණ දරුවන් තමන්ට පොත් අවැසි බව දැනුම් දී තිබුණි.
ඒ අනුව, පළමු අදියරේ ප්‍රදානය සඳහා අවශ්‍ය සියලුම අභ්‍යාස පොත් එම පදනම් කාර්යාලයේ කල් ඇතිව සූදානම් කර තිබුණේ අද (20) උදෑසන එම පොත් දරුවන්ට බෙදා දීම සඳහාය.
පොත්පත් හිඟයක් නැතිව නිදහසේ ඉස්කෝලෙට යන බලාපොරොත්තු දල්වාගෙන දරුවන් විශාල පිරිසක් සිය මව්පියන් ද සමග අද උදේ එම කාර්යාලයට පැමිණ තිබුණේ දහසක් බලාපොරොත්තු දල්වාගෙනය.
එහෙත් ඔවුන්ගේ ඒ හීන සියල්ලම එක් නිමේෂයකින් අළු වී ගියේ බෙදන්නට ගෙනා ඒ සියලු පොත් ගිනිගෙන දැවීම හේතුවෙනි. රුපියල් දෙකෝටි හැට ලක්ෂයක පමණ පොත් ගින්නට හසු වී තිබුණි.
“කරලා තියෙන්නේ තිරිසන් වැඩක්. දෙමව්පියෝ කීදාහකගේ බලාපොරොත්තු ද මේ ගිනි තියලා තියෙන්නේ” එම අවස්ථාවට පැමිණි සිටි දෙමාපියෙක් පැවසීය.
සමාජ සේවා පදනම පවසන්නේ ද, පොත් ගබඩා කර තිබූ ස්ථානයේ ජනේලයකින් ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ඇතුළු වී පොත්පත්වලට ගිනි තබා ඇති බවය.
“මේ කාර්යාලයට මීට කලින් ගල් ගහලා තියෙනවා. මේ හැම ජනේලයක්ම කුඩුවෙන කල් ගල් ගහලා තියෙනවා. අපි හිතුවේ නෑ පොත් තියෙන නිසා මේ වගේ දෙයක් හීනෙන්වත්. මොකද පොත් ගිනි තියයි කියලා.”
මහනුවර පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
චෝදනා එල්ලවන ආකාරයට, කිසියම් පිරිසක් මෙලෙස මේ පොත්වලට ගිනි තැබුවා නම්, ආර්ථික අර්බුදයෙන් බැටකන අහිංසක දරුවන්ගෙන් පළිගන්නට තරම් ඔවුන් ම්ලේච්ඡ වූයේ කෙසේදැයි යන්න ප්‍රශ්නාර්ථයකි? ඔවුන් ගිනි තබා ඇත්තේ පොත්පත්වලට නොව අසරණ පුංචි මල් කැකුළුවල සිත්වලටය.
.

මහනුවර පොලිස් සථානය සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.