පෙබරවාරි මස 15 වැනිදාට පෙර බිල වැඩි කරන්න බෑ

අනුව පෙබරවාරි මස 15 වැනිදාට පෙර කළ එය කළ නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩල ඉදිරිපත් කළ යෝජනාව සහ ගාස්තු සංශෝධනය මහජන උපයෝගිතා කොමිසම අදාල පාර්ශව සමඟ සාකච්ඡා කර කිසියම් සංශෝධනයක් වියයුතු නම් කරන බව කී රත්නායක මහතා එම ක්‍රමවේදයට අනුව කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.

අන්තර්කාලීන පියවරක් වශයෙන් මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට විදුලි ගාස්තු සංශෝධන ක්‍රියාත්මක වන ලෙස කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණ ද අන්තර්කාලීන සහ අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපාදන පනතේ නොමැති නිසා එවැන්නක් කළ නොහැකි බව කී රත්නායක මහතා සඳහන් කළේ කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩුව බලාපොරොත්තු වන දේ කොමිසමට වැඳගත් නොවන නිසා විදුලිබල පනතට අනුව කටයුතු කරන බවත්ය.

ලංකාදීප