
අධික වර්ෂාවත් සමඟ බණ්ඩාරවෙල, පූනාගල මකල්දෙණිය ප්‍රදේශයට ඊයේ (19) රාත්‍රී 9ට පමණ ඇති වූ නාය යාම නිසා එම ප්‍රදේශයේ වතු නිවාස රැසකට දැඩි අලාභ හානි සිදුව ඇත. එක වර පැමිණි විශාල ජල පහරක් සමඟ ගල් සහ මඩ හේතුවෙන් පුද්ගලයින් 300කට සිය නිවාස අහිමි විය.
මෙම හදිසි ආපදා තත්ත්වයෙන් වෙළෙඳ සලක් හා වතු නිවාස තුනක් මේ වන විට සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල්ගත කළ පුද්ගලයින් 05 දෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දියතලාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර මේ වන විට එම ප්‍රදේශයේ නිවාසවල පුද්ගලයින් 300ක් පමණ පුනාගල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව නවතා ඇත.
ජී.අයිආර්. ගරුසිංහ
වැල්ලවාය



