රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අන්දවමින් බල හුවමාරුව සඳහා කරන සංගීත පුටු තරගයට සමගි ජන බලවේගය සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීම සමගි ජන බලවේගයේ ඒකායන පරමාර්ථය බව පැවසූ විපක්ෂ නායකතුමා රාජපක්ෂලා සිටින ආණ්ඩුවක කොටස් කරුවන් වීමට තමන් කිසිසේත් සූදානම් නැතැයිද පැවසීය.
අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත් අතර ගරුතර මහා සංඝරත්නය විසින් ආශිර්වාද පිරිත් සජ්ජායනාවක් පවත්වා විපක්ෂ නායක තුමාට ආශිර්වාද කරනු ලැබූහ.
ඉන් අනතුරුව විපක්ෂ නායකතුමා ඓතිහාසික නාථ දේවාලය වෙත පැමිණ දේවාශීර්වාදය ද ලබා ගත්තේය.
