
රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සමාගමක් වන රොසටම් සමාගම තුර්කියේ ඉදිකරන ලද පළමු න්‍යෂ්ටික බලශක්ති ප්‍රතික්‍රියාකාරකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් තුර්කියේ සංචාරයක නිරත වීමට නියමිතය.
ලබන අප්‍රේල් මාසයේදී තුර්කිය බලා යෑමට ව්ලැද්මීර් පුටින් සැලසුම් කර ඇති බවයි විදෙස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ. තුර්කි ජනාධිපති ටායිප් අර්ඩන් පවසන්නේ අප්‍රේල් මස 27 වන දින රුසියානු ජනාධිපතිවරයා තුර්කියට පැමිණෙනු ඇති බවයි.